News Line| Off Air
Generic placeholder image

Aug
20

එජාපෙ ජනපති අපේක්ෂකයා කඩිනමින් තෝරන්නයැයි අගැමතිට ලිපියක්

508 Views


එජාපෙ ජනපති අපේක්ෂකයා කඩිනමින් තෝරන්නයැයි අගැමතිට ලිපියක්

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා ගැනීම සඳහා දින 7ක් ඇතුලත පාර්ලිමේන්තු කණ්ඩායම සහ කෘත්‍යාධීකාරි මණ්ඩලය එකට කැඳවන ලෙස මන්ත‍‍්‍රීවරුන් 54 කගේ අත්සනින් යුතු ලිපියක් පක්ෂ නායක අග‍‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට භාර දී තිබෙනවා.
පක්ෂ සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් එම ලිපිය ඊයේ පෙරවරුවේ දී අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදුන් බවයි කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ.
පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත‍‍්‍රීවරුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සාකච්ඡ කර එහි තීන්දුව හෙට දැනුම් දෙනබව අග‍‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකශ කර තිබෙනවා. ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම එක්සත් ජාතික පක්ෂ නායක අග‍‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප‍‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.


News Articles
Latest Videos
Most Popular Post