News Line| Off Air
Generic placeholder image

Aug
20

සජිත් සහ එජාපෙ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද

555 Views


සජිත් සහ එජාපෙ පසුපෙළ මන්ත්‍රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායම සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාව අද පැවැත්වෙනවා. ඉදිරි දේශපාලන කටයුතු පිලිබද එහිදී දිර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා ප‍්‍රකාශ කලේ.

සන්ධාන ගත වීමට පෙර ජනාධිපතිධුර අපෙක්ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පසුගිය 17 වනදා එකගතාවකට පැමිණි අතර ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවති එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදීයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීම / නව සන්ධානය පිහිටුවීම හා සන්ධානය පිහිටුවන දිනයේදීම අපේක්ෂකයා නම් කිරීම පිලිබදව මෙහිදී සාකච්ඡා වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post