News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

ජනපති පත් කළ ත්‍රිපුද්ගල කමිටු සමාජිකයින් අද විශේෂ කාරක සභාව හමුවට පෙනී සිටි

581 Views


ජනපති පත් කළ ත්‍රිපුද්ගල කමිටු සමාජිකයින් අද විශේෂ කාරක සභාව හමුවට පෙනී සිටි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
අද දිනයේ මෙම කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන අය මෙලෙස අද දිනයේ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

විශේෂයෙන්ම එමෙන්ම මේ අතර විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ කාරක සභාවේ සාමාජිකයින් විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post