ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය
නිවේදනයක් නිකුත් කරමින් සිය කණගාටුව පළ කර තිබෙනවා. ඒ අනුව එම මහත්මිය ප්‍රකාශ කරන්නේ අදාළ පත් කිරීම අතිශයින්ම ගැටළු සහගත බවයි.
යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නිති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බවත් එමෙන්ම
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබාදුන් උසස්වීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිහේ එක යෝජනාවට අනුව ප්‍රතිසන්ධාන, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිද දමා ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
එමෙන්ම මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පල කරන බවයි.