අද උදෑසන අම්පාර, උහන ගුවන් හමුදා කඳවුර අසල දී පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.
පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියදී පැරෂුටය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔහු ඇද වැටී අනතුරට ලක්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරනවා.