News Line| Off Air
Generic placeholder image

Aug
20

හතුරුසිංහ අවසන් දිනයටත් පෙර කරුණු දක්වයි

8139 Views


හතුරුසිංහ අවසන් දිනයටත් පෙර කරුණු දක්වයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ චෝදනා පත්‍රයට ඒ මහතා පසුගිය සතියේ ලිඛිතව කරුණු දක්වා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ මස 7 වැනිදා චෝදනා පත්‍රයක් යොමු කළ අතර එයට දින 14 ක් තුළ කරුණු දැක්විය යුතුව තිබුණා. ඒ අනුව හෙට (21) දක්වා කරුණු දැක්වීමට කාලය තිබුණ ද හතුරුසිංහ මහතා පසුගිය සතියේ සිය කරුණු දැක්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතාට යොමුකර තිබෙන බවයි පැවසෙන්නේ.

“දැන් ඔහු කරුණු දක්වා තියෙනවා. දැන් අපි එම කරුණු සළකා බැලිය යුතුයි. මොකද ඔහුටත් අවස්ථාව දෙන්න ඕනෙනේ. ඉන් පසුව ඉදිරි පියවර ගන්නවා” යැයි අෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පවසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post