News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

මෙරට ප්‍රථම වරට “වේදනා පාලන” හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

717 Views


මෙරට ප්‍රථම වරට “වේදනා පාලන” හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට වේදනා පාලන හෙදියන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම පළමු පාඨමාලා කණ්ඩායමට හෙද හෙදියන් 42 නෙක් ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළ අතර අදාළ පාඨමාලාව පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල මගින් මෙහෙයවීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව දැඩි සත්කාරක හෙදියන්, හදිසි ප්‍රතිකාරක හෙදියන්, ආසාදන පාලන හෙදියන්, ළමා රෝග පාලන හෙදියන් ආදී විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් විශේෂඥ පුහුණුව ලැබූ හෙදියන් පුහුණු කිරීමේ ජාත්‍යන්තර ප්‍රවනතාවට අනුකූලව මෙම පාඨමාලාව ආරම්භ කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post