News Line| Off Air
Generic placeholder image

Aug
20

සතොස හිටපු සාමාන්‍යාධිකාරිට ඇප

1004 Views


සතොස හිටපු සාමාන්‍යාධිකාරිට ඇප

සතොස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කලේ විත්තිකරු ඉදිරිපත් කල අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි.

රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත විත්තිකරු මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළා. ස.තො.ස ආයතනයේ හිටපු සාමාන්‍යාධිකාරී විමල් පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අද දහවල් වසරක සිර දඬුවම් නියම කෙරුණා.

ඒ 2002 වසරේ දී සතොස ආයතනය මගින් ආනයනය කළ සහල් තොග නියමිත වටිනාකමට වඩා අඩු මුදලකට පෞද්ගලික අංශයට විකිණීම තුළින් රජයට රුපියල් මිලියන 4 ක පාඩුවක් කල බවට අල්ලස් කොමිසම විසින් ගොනු කල නඩුව සලකා බැලීමෙන් අනතුරුවයි.

සිර දඩුවමට අමතරව විත්තිකරුට රුපියල් 50 000ක දඩයක් ද නියම කලා. නඩු තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේ උසස් නිලධාරීන්ගේ නියෝග මත විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.

ආයතනයක උසස් නිලයක් හෙබවූ පුද්ගලයෙකු බැවින් ඔහුට වගකීමකින් යුතුව කටයුතු කිරීමේ යුතුකමක් තිබූ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post