News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
20

ස්ටීවන් ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

1567 Views


ස්ටීවන් ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත්ට ලීඞ්ස්හිදී අනිද්දා (22 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය අහිමිවී යන බව ඕස්ට්‍රෙිලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා අද (20 වැනිදා) ස්ථීරව ප්‍රකාශ කර තිබෙනවා.

සිවුවැනි දිනයේදී ජොෆ්රා ආචර් යැවු පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් වුණා. හවස් වරුවේ නැවත පන්දුවට පහරදීමට පැමිණි ස්මිත් ලකුණු 92 ක් රැස්කිරීමට සමත් වූ නමුත් පසුදින උදෑසන පන්දුව වැදීමෙන් ඇතිවූ කම්පනයන්හී ලක්ෂණ ඇතිවීම හේතුවෙන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට ස්මිත් පැමිණියේ නැහැ.

ටෙස්ට් ශූරතාවලියේදී හදුන්වා දුන් නව නිතීයක් යටතේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට අතිරේක ක්‍රිඩකයකු පන්දුවට පහරදීමට පැමිණි අතර එම අවස්ථාව හිමිකර ගත් මාර්නස් ලැබුස්චේන් ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිමේදී ස්ටිවන් ස්මිත් වෙනුවට පන්දුවට පහරදීමට පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post