වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම අද පැවැත්වෙනවා.
සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය අද රාත්‍රියේදි සිදු කිරීමට නියමිතයි.
සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට අද රාත්‍රි 09.00 සිට හෙට පහන් වන තෙක් මෙම සර්වරාත්‍රික පිරිත් දේශනය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
පිරිත් දේශනය සියත එෆ් එම් සහ සියත ටීවී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්.