පළාත් සභා ජන්දය පිළිබදව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත විමසුමට අදාළ නීතිමය ලිඛිත දේශන තිබේ නම් ඒවා අද දහවල් 12.00 පෙර පෙර ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී තිබෙනවා.
ශේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යොමුකර ඇති ලිපියක දැක්වෙන්නේ සීමා නිර්ණ වාර්තාව ඉදිරිපත් වී නොමැති අවස්ථාවක පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය ඉඩකඩ පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බවයි.
මෙම කරුණට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයින්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බව එම ලිපියේ වැඩිදුරටත් සදහන්
ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මත විමසීමට අදාළ නඩු විභාගය ලබන 23 දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවා තිබෙනවා.
එය විභාග කිරීම සදහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර ඇති අතර සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතායි.
බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන්.
එහි තීරණය ලබන 30 වන දාට පෙර ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.