News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

එජාපෙ ඉහළ පෙළට හදිසි කැදවීමක්

2254 Views


එජාපෙ ඉහළ පෙළට හදිසි කැදවීමක්

එක්සත් ජාතික පක්ෂයේ ජේ්‍ය්ෂ්ඨයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද කැඳවා තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වෙන්නේ අරලියගහ මන්දිරයේදී
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණා.
මේ අතර ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතු බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරු 97 දෙනෙක් යෝජනා කර තිබෙනවා
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පසුගියදා පැවති සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බවයි පක්ෂයේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පළාත් සභා නියෝජිතයන් අතර හමුව තලවතුගොඩ ප්‍රදේශයේදී පැවැත්වුණා


News Articles
Latest Videos
Most Popular Post