බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර හේතුවෙන් හෙට සිට ඉදරියට දින 03 ක් කොළඹ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ අනුව හෙට සවස 2 සිට පසුදින අලුයම 1 යි 30 දක්වා මාර්ග අංක මහරගම – දෙහිවල බස් මාර්ගය, බොරලැස්ගමුව නගරය සහ බෙල්ලන්තර හංදිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරෙන අතර 23 වනදා බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර හංදිය, පැපිලියාන විහාර මාවත හංදිය මෙලෙස රථධාවනය සිමා කෙරෙනු ඇති.
එමෙන්ම ලබන 24 වනදා සවස 2 සිට අලුයම 03 යි 30 දක්වා බොරලැස්ගමුව හංදිය, බෙල්ලන්තර හංදිය, ඇන්ඩර්සන් පාර අසල සහ පැපිලියාන හංදිය දක්වාද රථ ධාවනය සිමා කෙරෙනවා.