හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන නැතිව සෘජුව සෙනග අතරට යාමෙන් වලකින ලෙස බුද්ධි අංශ සදහන් කළා.
ඔවුන් දෙදෙනාට පවතින ප්‍රභල ජීවිත තර්ජන තහවුරු වී ඇති ඇතර නිසි ලෙස ශරීර පරීක්ෂාවන්ට ලක් නොවූ පිරිස් රැඳී සිටින ප්‍රදේශ වලට පිවිසීමේදී වඩාත් සැලකිලිමත් ලෙස ඔවුන්ට අනතුරු හඟවා තිබෙනවා.
ජනාකීර්ණ මාර්ග ඔස්සේ වාහනවලින් ගමන් කිරීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත් මල් මාලා හා වෙනත් දෑ පිළිගැනීමේ දී ඒවා දැඩි පරීක්ෂාවකට ලක්කරන ලෙසත් බුද්ධි අංශ විසින් වැඩි දුරටත් දන්වා ඇති බව වාර්තා වනවා.