කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ සමාරම්භය හෙට (22) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ සංකල්පයකට අනුව මෙම සේවාව සිදුකරන අතර මහනගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබනවා.
කොළඹ නගරය පුරා ඇති වී ඇති උග‍්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය ක්‍රියාත්මක කර තිබෙනවා.
වර්තමානයේදී කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10ක් අතර කාලයකින් ගමනාන්තයට ළඟා විය හැකියි.
මෙම යාත‍්‍රා සේවාව හෙට දින මහනගර අමාත්‍ය චම්පික රණවකගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතයි.
මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇති අතර ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනාගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් කි‍්‍රයාත්මකයි.
රථ වාහන තදබදයට විසඳුම් ලෙස මේ වන විටත් මහානගර අමාත්‍යාංශය මගින් බස් ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කර ඇති අතර සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ද කි‍්‍රයාවට නංවා තිබෙනවා.