කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
එසේම පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද එය ක්‍රියාත්මක වනවා.