News Line| Off Air
Generic placeholder image

Aug
22

කොළඹ බෝට්ටු සේවාව අද සිට

1192 Views


කොළඹ බෝට්ටු සේවාව අද සිට

කොළඹ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මෙම බෝට්ටු සේවය ක‍්‍රියාත්මක වන අතර මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවය යටතේ මෙහි මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා. මෙහිදී මගී ප‍්‍රවාහනය සඳහා වායු සමීකරණය කරන ලද බෝට්ටු යොදා ගන්නා බව එහි සභාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.

ඒ අනුව යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා බස් රථයකින් ගමන් කිරීමට කාර්ය බහුල අවස්ථාවකදී සාමාන්‍යයෙන් විනාඩි 30ක් පමණ ගතවන අතර එහෙත් බේරේ වැව ඔස්සේ බෝට්ටුවෙන් එම ගමන සඳහා ගතවන්නේ මිනිත්තු 10ක් පමණක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post