News Line| Off Air
Generic placeholder image

Aug
22

අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට පියවර

4945 Views


අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට පියවර

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තවල පවතින විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඉන්දුනීසියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය වන තුරු අන්තර්ජාල පහසුකම් අවහිර කිරිමට තීරණය කර ඇති බවයි.

එමෙන්ම පසුගිය දින කිහිපයක පුරාවට පවතින විරෝධතා මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර විරෝධතා පාලනය කිරිමට පොලිස් නිළධාරින් විශාල පිරිසක් අනුයුක්ත කර ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post