News Line| Off Air
Generic placeholder image

Aug
22

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා

582 Views


වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් සියලූ රෝහල් වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
අප වාර්තාකරුවන් සදහන් කලේ කොළඹ ජාතික රෝහල උතුරු කොළඹ හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෙන්ම දිවයිනේ සෙසු රෝහල් වල බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා සම්පුර්ණයෙන් අඩාල වී ඇති අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කලේ අද පෙරවරු 08 00ටයි. හෙට පෙරවරු 8 දක්වා පැය 24ක් වැඩ වර්ජනය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වර්ජනයට හේතුවී ඇත්තේ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ හා රජයේ රෝහල් වල පවතින ඖෂධ හිගය/ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක්. මාතෘ රෝහල් / ළමා රෝහල් /මහරගම අපේක්ෂා රෝහල /වකුගඩු රෝග ප‍්‍රතිකාර ඒකක සහ ත‍්‍රිවිධ හමුදාවේ රෝහල් තුළ වැඩ වර්ජනය ක‍්‍රියාත්මක වන්නේ නැහැ. වර්ජනය ක‍්‍රියාත්මක කළද සියලූ රෝහල් වල හදිසි ප‍්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක‍්‍රියාත්මකයි


News Articles
Latest Videos
Most Popular Post