News Line| Off Air
Generic placeholder image

Aug
22

ලෝක ජනගහනයෙන් බහුතරයක් අපවිත්‍ර ජලය බොන බවට හෙළිදරව්වක්

585 Views


ලෝක ජනගහනයෙන් බහුතරයක් අපවිත්‍ර ජලය බොන බවට හෙළිදරව්වක්

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට අධික ජනතාවක් අපවිත‍්‍ර ජලය පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අපවිත‍්‍ර ජලය පානය කිරීමෙන් වසරකට පුද්ගලයින් මිලියනයක් පමණ මියයන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.
පානිය ජලයට ප්ලාස්ටික් මුසුවීමෙන් සිදුවන හානිය පිළිබදව මේ වන විට ලෝක සෞඛය සංවිධානය පරීක්ෂන ආරම්භ තිබෙනවා.
සාන්ද්‍රනයෙන් ඉහළ ප්ලාස්ටික් අංශු පානීය ජලයට මුසුවීම අවධානම මූලික පරීක්ෂන වලින් හෙලිව ඇත්තේ මිලීමිටර 5කට වඩා කුඩා ප්ලාස්ටික් අංශු ජලයට මුසුවීමෙන් සිදුවන හානිය අවම වන අතර පානීය ජලයට මුසුව ඇති ප්ලාස්ටික් අංශු ගණන කිරීම සඳහා තාක්ෂණික පෙරහන් භාවිත කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post