News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

751 Views


ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදැසන 10.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුනද වර්ෂාවෙන් එයට බාධා එල්ල වුණා. මේ වන විට තරගය ආරම්භ වී තිබෙන අතර කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ නායක දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමන්නයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 29 රැස් කරගෙන සිටිනවා. ඒ අනුව නායක දිමුත් කරුණාරත්න ලකුණු 26 රැස් කරගෙන සිටින අතර තිරිමාන්න ලකුණු 02 කද දැවී ගියා.


News Articles
Latest Videos
Most Popular Post