හබරණ රක්ෂිතයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
මින්නේරිය – ගිරිතලේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති රක්ෂිතයේ තිබී මෙම අස්ථි කොටස් ඊයේ සොයාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඒවා සොයාගෙන අති බවත් ඒ අසළ තිබී ජංගම දුරකථනයක් සහ මුදල් පසුබිම්බියක් ද සොයාගෙන ඇති බවත් සදහන්.
මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.