News Line| Off Air
Generic placeholder image

Aug
22

පාස්කු ප්‍රහාරය නිසා වෙඩි බෙහෙත් නැතිව කළුගල් කර්මාන්තකරුවන් දැඩි අසීරුවක

957 Views


පාස්කු ප්‍රහාරය නිසා වෙඩි බෙහෙත් නැතිව කළුගල් කර්මාන්තකරුවන් දැඩි අසීරුවක

පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර හේතුවෙන් වෙඩිබෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ රෙගුලාසි සංකීර්ණ කර තිබෙනවා. මේ හේතුවෙන් එම කර්මාන්ත සිදුකරන අය අපහසුවට ලක්ව ඇති බව සදහන්.

ප්‍රමාණවත් පරිදි වෙඩි බෙහෙත් සහ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් කළුගල් කර්මාන්ත කරුවන් දැඩි අසීරුවට ලක්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් කළුගල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති දේශබන්දු රංග වඩුවත්ත මහතා කළුගල් කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

අපිට ඕන වෙඩිබහෙත් ගන්න සතියකට දවස් දෙකක් ගත කරන්න වෙනවා. එක දවසක් බලපත්‍ර ලියා ගැනීමටත්, වෙඩි බෙහෙත් ගැනීමට තව දවසක්ද වැයකරන වෙනවා. මේ නිසා මසකට දවස් අටක් වැය වෙනවා. බදාදා තමයි බලපත්‍ර ලියන්නේ. බ්‍රහස්පතින්දා තමයි නිකුත් කරන බලපත්‍රයට වෙඩි බෙහෙත් ලැබෙන්නේ.

මේ බලපත්‍රයකට ඩයිනමයිට් කිලෝ පහක් ඩෙටනේටර් පනහක් පමණ තමයි ලැබෙන්නේ. ඇමෝනියා කිලෝ විසිපහක් සහ නූල් කෑලි දහඅටක් තමයි ලැබෙන්නේ.

මේ බෙහෙත්වලින් වැඩ කරන්න පුළුවන් වෙන්නේ දින දෙකක් හෝ තුනක්. මේ නිසා වෙඩි බෙහෙත් හිඟකම නිසා සතියකට දින හතරක් සේවකයන්ට වැඩ නැතිව ඉන්න වෙනවා.

බලපත්‍ර ගන්න පුරාවිද්‍යා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, භූ විද්‍යා හා පතල් කැණීම් අධිකාරියෙන් හා ජල සම්පත් මණ්ඩලයෙන්, ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න වෙනවා.

අපිට හම්බවෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය මදි. ලබාදෙන වෙඩි බෙහෙත් ප්‍රමාණය වැඩි කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා. ලීසිං ගෙවා ගන්න විදියක් නෑ. ආයතන ඉක්මනින්ම බලපත්‍ර ලබාදන ක්‍රමයක් හදලා තියෙනවා නම් හොදයි. අපිට ලැබෙන වෙඩි බෙහෙත්වලින් පිපිරවීම් කරන්න පුළුවන් වෙන්නේ සතියකට කියුබ් අසූ පහයි. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍ය කළුගල් සැපයීමට මේ තත්වය යටතේ නොහැකි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post