News Line| Off Air
Generic placeholder image

Aug
22

කෑම හදන්න කියා දුන් ලොව වයස්ගතම යූ ටියුබ් තරුව මිය යයි

1462 Views


කෑම හදන්න කියා දුන් ලොව වයස්ගතම යූ ටියුබ් තරුව මිය යයි

ලෝකයේ වයස්ගතම You tube තරුවක් වන දකුණු ඉන්දියාවේ 107 හැවිරිදි මස්තානම්මා මියගොස් තිබෙනවා.

අසාමාන්‍ය ඉන්දියානු කෑම පිළියෙල කරන ඇය සමාජ මාධ්‍ය ජාල වල ඉතා ප‍්‍රසිද්ධියට පත්ව සිටියා Country foods නමින් ඇයගේ You tube නාලිකාවේ සිය ගණන් වීඩියෝ පල කර ඇති අතර මිලියන ගණනක ග‍්‍රාහකයෝ පිරිසක්ද ඇයට සිටිනවා.

එමෙන්ම ඇයට ආවේණික ක‍්‍රමයකට සකස් කරන ලද කොමඩු සහ කුකුල් මස් ව්‍යාංජනය අතිශයින් ජනපි‍්‍රයයි.

2016 දී ඇගේ මුණුබුරා සහ ඔහුුගේ මිතුරෙකු ඇගේ නාලිකාව ආරම්භ කර තිබෙනවා.

ආනද‍්‍රා ප‍්‍රදේශයේ උපත ලැබූ මස්තානම්මා ගේ වයස 2017 දී 106 ක් බව BBC සේවයට පැවසූ අතර ඇයට එය ඔප්පු කිරීමට උප්පැන්න සහතිකයක් තිබුනේ නැහැ.

ඈත ගම්මානයක එළිමහන් ස්ථානයක බිම වාඩි වී අවම උපකරණ ප‍්‍රමාණයක් භාවිතා කරමින් ආහාර පිසීම ඇගේ විශේෂත්වයක්.

ඇය තම නියපොතු භාවිතා කරමින් එළවළු වල පොතු ගලවා පැරණි ඉන්දියානු සාම්ප‍්‍රදායික පිහියක් භාවිතා කර ඒවා කපා ගන්නවා.

ඇය අහාර පිළිගන්වන්නේ දකුණු ඉන්දියානු සම්ප‍්‍රදායට අනුව කෙසෙල් කොළයකයි.

2016 වර්ෂයේ මස්තානම්මා හමු වූ BBC පුවත් සේවය පැවසුවේ ඇය ආහාර පිසින ක‍්‍රමය වෙනත් You tube නාලිකා වල පෙන්වන ඒවාට වඩා වෙනස් බවයි.

ගෑස් හෝ විදුලි උදුනක් වෙනුවට දර ලිපක් භාවිතා කරන ඇය අසල ගංගාවෙන් මාලු අල්ලාගෙන පිසීමට දැඩි කැමැත්තක් දක්වනවා.

Country foods you tube නාලිකාව ඔස්සේ ඇගේ මරණය දැනුම් දීමෙන් පසු බොහෝ සමාජ මාධ්‍ය ජාල පරිශීලකයින් ඇගේ ආහාර ගැන වර්ණනා කරමින් ඇගේ මරණය පිලිබද ශෝකය ප‍්‍රකාශ කර තිබෙනවා.

මුඛයේ දත් නොමැති සිනහව මෙන්ම ඇගේ කොමඩු සහ කුකුල් මස් ව්‍යාංජනය නිසා ඇය අතිශයින් ජනපි‍්‍රයත්වයට පත් වූ තරුවක්.

 

ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post