News Line| Off Air
Generic placeholder image

Aug
22

දීපව්‍යාප්ත ඩ්‍රෝන යානා සංගණනයක්

821 Views


දීපව්‍යාප්ත ඩ්‍රෝන යානා සංගණනයක්

ඩ්‍රෝන යානා පිළිබඳ දීපව්‍යාප්ත සංගණනයක් පැවැත්වීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇති අතර එම අධිකාරියේ ව්ව්ව්.cආ.ල්ක් වෙබ් අඩවියේ සංගණනය සඳහා වන අයදුම්පත්‍රය පල කර ඇති බව සදහන්.

මේ වන විට ඩ්‍රෝන යානා 500ක් පමණ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වී ඇති අතර මෙම සංගණනයේ අරමුණ වන්නේ අදාළ ඩ්‍රෝන යානා ලියාපදිංචි හිමිකරුවන් සතුව තවදුරටත් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලබාගැනීම සහ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන යානා ලියාපදිංචි කිරීමයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිම ආරක්ෂක අමාත්‍යාංශය මඟින් තහනම් කළ අතර සංගණනයේදී ලබාගන්නා දත්ත මත පදනම්ව ඩ්‍රෝන යානා තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post