News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
22

ඇල්ල කඳු පන්තියේ ගින්නක්

1625 Views


ඇල්ල කඳු පන්තියේ ගින්නක්

මොණරාගල දිස්ත්‍රික්කයට මායිම්ව පවතින ඇල්ල කඳු පන්තියේ මේ වන විට ගින්නක් පැතිර යමින් තිබෙනවා. මෙම කන්ද “ඇල්ල රොක්” ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ කඳු නගින්නන් බහුලව මෙම කන්ද තරණය කිරීමට යොදා ගැනීම හෙතුවෙන්.

අද (22) උදෑසන සිට මෙම ගින්න පැතිරී යමින් තිබෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදුකළ විමසීමකදී එහි සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කර සිටියේ ගින්න මැඩ පැවැත්වීම සඳහා යුධ හමුදා නිලධාරින් මේ වන විටත් එහි ලඟාවි ඇති බවයි.

එමෙන්ම කන්දේ ඇතැම් ස්ථාන කරා ලඟා වීමේ අපහසුවක් ඇති බවින් ගින්න පැතිර යාම වැළැක්වීමට “ගිනි වැට” වැනි ආරක්‍ෂිත උපක්‍රම භාවිත කර ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන තිබෙන ලැව් ගිනි මේ වන විටත් පැතිරී යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post