2019 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම අද සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.ඒ අනුව දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කිරීම සිදු කරනු ලබන අතර ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇති සහ ඉවත් කර ඇති නම් පිළිබඳව එහි සඳහන් වන බවකොමිසම වැඩි දුරටත් සදහන් කරනවා.
එමෙන්ම යම් සුදුසුකම් ලැබූ අයෙකුගේ නමක් ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වී නොමැති නම් ඒ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව ඒ කොමිසම පැවසුවා.