News Line| Off Air
Generic placeholder image

Aug
23

පැය 24ම මිහින්තලයට ආලෝකය ලබාදීමට පියවර

770 Views


පැය 24ම මිහින්තලයට ආලෝකය ලබාදීමට පියවර

මිහින්තලය පුදබිම ප්‍රථම වතාවට පැය 24 මුළුල්ලේම ආලෝකවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගෙන තිබෙනවා.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා රුපියල් මිලියන 275ක් වෙන් කර ඇති බව සදහන්.

මේ යටතේ අනුරාධපුර අටමස්ථානය, රුවන්වැලි මහා සෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛ මිහින්‍තලේ ලෝක උරුම ස්ථානය සංවර්ධනය කිරීමට නියමිතයි.

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙමගින් ඉලක්ක කෙරෙන අතර රාත්‍රිය පුරා ආලෝකමත් වීම නිසා අනුරාධපුරය සංචාරකයින්ගේ රාත්‍රී නවාතැන් ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම ද මෙහි අරමුණ වී තිබෙනවා.

මේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පෙරේදා පැවැත් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අගමැතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අටමස්ථානයට අයත් ජයසිරි මහ බෝධිය, රුවන්වැලි සෑය, ථූපාරාම, ජේථවනාරාමය, අභයගිරිය, මිරිසවැටිය, ලෝවාමහාපාය, ලංකාරාමය යන පූජනීය ස්ථාන රාත්‍රි කාලයේ ආලෝකවත් කිරිම මගින් ඓතිහාසික මිහින්තලයට පැමිණෙන සංචාරකයන්ට මුළු රාත්‍රියෙහිම වුව ද අටමස්ථානය දැකබලා ගැනීමට හැකි වන බව බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළා.

ඓතිහාසික මිහින්තලා පූජා භූමිය හා අටමස්ථානය රාත්‍රිය පුරා ආලෝකවත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව ද අගමැතිවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post