පෘතුවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනය ආශ්‍රිත කලාපය මේ වන විට ගිනිගෙන දැවෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය දින කිහිපයක සිට ඇමසන් වැසි වනාන්තරය තුල වාර්තාගත ගින්නන් වාර්තා වූ අතර මේ වන විට මේ පිලිබදව ලෝක නායකයින්ගේ අවධානයට ලක් වී තිබෙනවා.
පසුගිය දිනවල අභ්‍යවකාශ පර්යේෂණය සදහා වූ ජාතික අධ්‍යාපන ආයතනය ප්‍රකාශයට පත් කරන ලද නවතම දත්ත මගින් මෙම ඇමසන් වනයේ ඇති වී තිබෙන වත්මන් තත්වය පිළිබද කරුණු වාර්තා කළා.
මේ පිළිබද අවදානයට ලක් කරමින් ජනපති මැක්‍රෝන් ප්‍රකාශ කරන්නේ ඇමසන් වනය අපේ පෘතුවියේ ඔක්සිජන් වලින් සියයට 20 ක් පමණ නිපදවන පෙනහළු ගිනිගෙන ඇති බවත් ජි – 07 සමුළුවේදී ඇමසන් සෞඛ්‍ය තත්වය ජාත්‍යන්තර අවධානයට ලක් විය යුතු බවයි.
එමෙන්ම මේ පිළිබදව ප්‍රතිචාර දක්වමින් එකසත් ජාතින්ගේ මහ ලේකම් ඇන්ටෝනියා ගුටරෙස්ද පවසන්නේ ඇමසන්හි ඇතිවන ගින්න පිළිබද තමා දැඩිලෙස කනස්සල්ලට පත්ව ඇති බවයි.