පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු යළිත් අමාත්‍ය ධුර ලබාගැනීමට තීරණය කර තිබෙන අතර මෙලෙස යළි ධුර භාර ගැනීමට තීරණය කර ඇත්තේ ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත‍්‍රීවරුන් වන අතර ෆයිසාල් කාසිම් මීට පෙර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අලි සහීර් මවුලානා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුනා.
පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආණ්ඩුවට සහය දැක්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් දැරූ තනතුරුවලින් ඉවත් වුණ අතර පසුව ඔවුන්ගෙන් තිදෙනෙකු හැර රිෂාඞ් බදියුදීන්, ඇතුළු සෙසු සියලූ දෙනා යළි එම ධුරයන් හි යළි වැඩ භාරගත්තා.