මේ වන විට ලෝක ප්‍රජාවගේ අවදානයට යොමුව තිබෙන ඇමසන් වනයේ ඇති වී තිබෙන ලැව් ගිනි සම්බන්දයෙන් ඇති වී තිබෙන නවතම තත්වය නම් ගෙවී යන දශකයේ අතිශය බිහිසුණුව ලැව්ගිනි ජාලයකින් බ්‍රසීලියේ ඇමසන් වනාන්තරයට දරුණු හානියක් සිදුවෙමින් පවතින බව ලෝක පරිසර සංවිධාන පවසන්නේ. විශේෂයෙන් බ්‍රසීලයේ උතුරුදිග රොරෙයිමා, අක්රේ, රොනෝඩෝනියා සහ ඇමසෝනාස් යන ප්‍රාන්ත මෙන්ම මාටෝ ග්‍රොස්සෝ ඩු සුල් මෙම ලැව්ගිනි නිසා දැඩි හානියකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විශේෂයෙන්ම බ්‍රසීලයේ ඇමසන් ලැව්ගිනි සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පැතිර යන ඇතැම් ලැව්ගිනිවල ඡායාරූප ඇමෙසෝන් වනාන්තරයේ ඒවා නොවන බවත්, තවත් ඡායාරූප දශක කිහිපයක් පැරණි ලැව්ගිනිවල ඡායාරූප බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
සාමාන්‍යයෙන් වියළි කාලයේදී බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර ආශ්‍රිතවද වාර්ෂිකව යම් ලැව්ගිනි ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, 2019 වසරේදී එය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව 2018 වාර්තා වූ ලැව්ගිනි ප්‍රතිශතය සමග සැසඳීමේදී මෙවර 85%ක වර්ධනයක් දැකිය හැකි බව අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනයේ දත්ත පෙන්වා දෙන්නේ. පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ එය දෙගුණයකින් ඉහල ගොස් තිබෙන බවයි එම ආයතනය වැඩි දුරටත් සදහන් කරන්නේ. මෙම ඇමසන් වනාන්තරය ආශ්‍රිතව ඇතිවීමට වියළි කාලගුණය පවතින අවස්ථාවල ඇතිවීමට අකුණු සැර ආදී ස්වභාවික සිද්ධීන්ද ඇතැම් මිනිස් ක්‍රියාකාරකම්ද හේතු වන බව වාර්තා වන්නේ.