අප්‍රිකානු මහාද්වීපයේ, ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද දින අලුයම යළිත් දිවයිනට පැමිණ තිබෙනවා. මෙම කඳුවැටිය ලෝකයේ හුදෙකලාව පිහිටි උසම ශේෂ කන්ද වන අතර එය අඩි 19,341 ක් හෙවත් මීටර් 5,895 ක් උස වන අතර එමෙන්ම අප්‍රිකානු මහාද්වීපයේ ඇති උසම කන්ද මෙය වේ.
මෙම කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන් වන 33 හැවිරිදි රංග මධුපත්ම ගඟබඩආරච්චි සහ 36 හැවිරිදි සුදම් ගමගේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුන් දෙදෙනෙකි. සිය ගමන පිළිබද අදහස් දැක් වූ ඔවුන් ප්‍රකාශ කර සිටියේ එම කදුවැටියේ උසම තැන වන උහුරු නම් ස්ථානය තුල රැදී සිටිය හැක්කේ විනාඩි 10 කට ආසන්න කාලයක් බවයි. මන්ද ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් එම ස්ථානයේ ඉතා අල්පව තිබීමයි.