News Line| Off Air
Generic placeholder image

Aug
23

ගෝඨාභය කියන්නේ දේශපාලන පන්නරයක් නැති කෙනෙක් – නලින් බණ්ඩාර මාතර රැලියේදී කියයි

790 Views


ගෝඨාභය කියන්නේ දේශපාලන පන්නරයක් නැති කෙනෙක් – නලින් බණ්ඩාර මාතර රැලියේදී කියයි

සජිත් පේ‍්‍රමදාස ජනාධිපති අපේක්‍ෂකයා කරවීමේ මාතර රැලියේ අදහස් දක්වමින් නලින් බණ්ඩාර අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු දේශපාලන පන්නරයකින් තොර චරිතයක් බවයි.

එමෙන්ම පසුගිය කාලයේදී පන්සල්, දේවාල ගානේ ගියද මේ වන විට ගෝඨාභය රාජපක්‍ෂ මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින්නේ මාධ්‍ය නගන ප‍්‍රශ්නයන්ට පිළිතුරු ලබානොදෙන්න යැයි ඉහලින් ආ නියෝගයක් පිලිපදිමින් බව අමාත්‍යවරයා කියා සිටියා.

එලෙස පිළිතුරු ලබාදුන හොත් නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂගේ දේශපාලන දැනුම එළියට පෙනෙන නිසා එලෙස පිළිතුරු ලබානොදී සිටින්න යැයි ගෝඨාභය රාජපක්‍ෂට උපදෙස් ලැබී ඇති බවත් මන්තී‍්‍රවරයා පවසා සිටියා.

සජිත් එනවා මාතර රැලිය තවමත් මාතර සනත් ජයසූරිය කී‍්‍රඩාංගනයේ පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post