News Line| Off Air
Generic placeholder image

Aug
24

කොළඹ මාර්ග කිහිපයක් තාවකාලිකව වසයි

851 Views


කොළඹ මාර්ග කිහිපයක් තාවකාලිකව වසයි

ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය ඊයේ (23) රාත්‍රී දහයේ සිට එළඹෙන සදුදා අළුයම 5 දක්වා සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

ග්‍රෑන්ඞ්පාස්, මාදම්පිටිය පාරේ තොටළග හංදියේ සිට මහවත්ත හංදිය දක්වා වූ කොටස සහ මෝදර පොලිස් වසමේ ඩිලාසල් වීදිය, එලිහවුස් පටුමග සිට මුතුවැල්ල මාවත දක්වා කොටසේ එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.

කොටහේන පොලිස් වසමේ සිරිල් සී පෙරේරා මාවත හංදියේ සිට වෝල්ස් පටුමග හංදිය දක්වා වූ මාර්ගයේ රථ වාහන ධාවනයද ඊයේ රාත්‍රීයේ සිට සීමා කර තිබෙනවා.

මෝදර වීදිය, රජමල්වත්ත මංසන්ධියේ සිට පන්සල හංදිය දක්වා කොටසේද රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ. අදාළ මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post