News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

වැසි කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම ඉහලට

874 Views


වැසි කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම ඉහලට

වැසි සහිත කාලගුණයත් සමග ජල විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශ වල ජලමට්ටම සියයට 45 යි දශම 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ දෛනික විදුලි උත්පාදනයෙන් සියයට 25 ක් ජල විදුලියෙන් නිපදවන බවයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී විදුලි ඉල්ලුම සියයට 6 කින් වැඩි වී තිබෙනවා.

අවශ්‍ය පරිදි විදුලි බලාගාර ඉදිකිරීමට නොහැකී වීම විදුලිය නිපදුවීමේදී අභියෝගයක් වී ඇති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළා.

ඉහළ ඉල්ලුමක් පවතින කාලවල දී විදුලිය ලබා දීමේදී ගැටලූ ඇතිවන බවයි එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post