News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

773 Views


තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිලිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම කඳුකර ප‍්‍රදේශ වලත් උතුර/ උතුරු මැද/ වයඹ පළාත් වලත් ත‍්‍රිකුණාමලය / හම්බන්තොට සහ මාතලේ දිස්ති‍්‍රක්ක වලත් සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩි විය හැකියි.

සබරගමුව පලාතේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මිලිමීටර 100කට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ දකුණු පළාත් වලත් මහනුවර සහ මාතලේ දිස්ත‍්‍ර‍්‍රික්ක වලත් මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

බස්නාහිර / මධ්‍යම /වයඹ පලාත්වලත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වැසි ඇති වන විටදී එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකියි.

ධීවර සහ නාවික ප‍්‍රජාව මේ සම්බන්ධයෙන් අවධාණයෙන් පසුවන ලෙස දැනුම්දී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post