News Line| Off Air
Generic placeholder image

Aug
24

රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවයි

2665 Views


රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවයි

රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව ලබන මස 4 වනදා යළි කැඳවීමට නියමිතයි.

එදිනට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවීමට නියමිත බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

මධ්‍යම පළාත් සභාව /සුරාබදු දෙපාර්තමේන්තුව සහ උතුරු මැද පලාත් සභාවේ නිදධාරීන් ද ගිණුම් කාරක සභාවට කැදවා තිබෙනවා.

අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු/ පළාත් සභා හා පළාත් පාලන ආයතනවල කළමනාකරණ කාර්යක්ෂමතාව හා මූල්‍ය විනය පිළිබඳ සොයා බැලීම කාරක සභාවේ අරමුණයි.

කාරක සභාව සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විතයි.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව ලබන මස 3වන දා යළි රැස්වීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය එදිනට කැදවන බවයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ.

ඉදිරියේදී මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ද කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post