News Line| Off Air
Generic placeholder image

Aug
24

ඇමසෝන් වනයේ ගින්න නිවීමට බ්‍රසීල හමුදාව යොදවයි

1282 Views


ඇමසෝන් වනයේ ගින්න නිවීමට බ්‍රසීල හමුදාව යොදවයි

ලොව විශාලතම වැසි වනාන්තරය වන බ්‍රසීලය ප්‍රමුඛ රටවල් 9ක පැතිරුණු ඇමසෝන් වනයේ දැන් ඇති වී තිබෙන මහා ලැව් ගිනි නිමා දැමීම සඳහා බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සෝනරෝ එරට හමුදාව යෙදවීමට නියෝග කර තිබෙනවා.

ඇමසෝන් වනයෙන් සියයට 60ක්ම අයත් වන්නේ බ්‍රසීලයටයි. ඒ අනුව බ්‍රසීල හමුදාව ඇමසෝන් වන රක්ෂිතයේ, එහි ස්වදේශික ගම්මාන සහ දේශසීමා කලාපයේ යෙදවීමට නියමිත බව සදහන්.

බ්‍රසීල ජනාධිපතිවරයා එම පියවර ගනු ලැබූයේ ගෝලීය කාලගුණය සඳහා වැදගත් වන ඇමසෝන් වනයේ ලැව්ගිනි සම්බන්ධයෙන් යුරෝපීය රටවල් අනතුරු ඇගවීමෙන් පසුයි.

එමෙන්ම ලොව පුරා නගර රැසක බ්‍රසීල තානාපති කාර්යාල ඉදිරිපිට ඇමසෝන් වනය රැක ගැනීමට පියවර ගන්නැයි බල කරමින් ඊයේ විරෝධතා උද්ඝෝෂණ රැසක් සංවිධාන කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post