හදිසි නීතිය ඉවත් කිරීම තුළින් ත්‍රස්ත සංවිධාන තහනමට බලපෑමක් නොමැති බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය සදහන් කළා.
ජාතික තවුහිද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුන තහනම් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ වගන්තිය යටතේ බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.