මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ දුම්රියක් තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇති බව සදහන්.
එම දුම්රියේ එන්ජිම සහ මැදිරි හතරක් පීලි පැන ඇති අතර දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව ට්බිබෙනවා.
මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය ගම්පොල දුම්රිය ස්ථානය දක්වාත් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය සීමා කර ඇති බව සදහන්.
ගම්පොල සහ නාවලපිටිය දුම්රිය ස්ථාන දෙක අතර මගීන් බස් රථවලින් ප්‍රවාහනය කරන බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
පිලී පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.