News Line| Off Air
Generic placeholder image

Aug
25

දිවයින පුරා අදත් තද වැසි

2042 Views


දිවයින පුරා අදත් තද වැසි

දිවයින පුරා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

එමෙන්ම උතුරු පළාතෙත් බදුල්ල සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වන අතර මධ්‍යම කඳුකර ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තදසුළං ඇති වියහැකි අතර අකුණු මඟින් සිදුවන හනි අවමකර ගැනීම සඳහා පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post