පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දී තිබෙන බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි දිනයක් සහ වේලාවක් ඒ සදහා ලබාදෙන ලෙස එම නිවේදනය වැඩි දුරටත් ඉල්ලීමක් කර තිබෙනවා.
කෙසේවෙතත් තමන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර තිබූණ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී නොසිටියහොත් එහි අවසන් වාර්තාව සකස් කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා සදහන් කලේ.