පෘථිවියේ හදවත ලෙස හදුන්වන ඇමසන් වනාන්තරය තුළ පැතිර ඇති ගිනිදැල් නිවා දැමීමට කැපවන්නැයි ශුද්ධෝත්තම පළමු වන ෆ්රැන්සිස් පාප් වහන්සේ ලෝක ප‍්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලේ වතිකානුවේ සාන්ත පීතර චතුරස‍්‍රයට රැස්ව සිටි කතෝලික වැසියන් දහස් ගණනක් අමතමින්ය. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ සමස්ථ ප‍්‍රජාවගේම යහපැවත්ම උදෙසා මෙම කලාපය අතිශය වැදගත් බවත් මේ පිලිබදව ලෝකයේ සියලු දෙනා කනස්සල්ලට පත්ව ඇති බවයි.
කෙසේවෙතත්, ශුද්ධෝත්තම පියතුමන් මෙලෙස අදහස් ප්‍රකාශ කර ඇත්තේ වනාන්තරය තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින ගිනි ගැනීම් මැඩලීම සදහා සඳහා ප‍්‍රාන්ත 06 ක් බ‍්‍රසීල හමුදාවේ සහය ඉල්ලා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.