නාසා ගගනගාමියෙකු අභ්‍යවකාශයේ සිට බැංකු ගිණුම හැක් කල බවට චෝදනා ලැබ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ගගන ගාමියෙකුට අයෙත් බැංකු ගිණුමකට නුසුදුසු ආකාරයෙන් ප්‍රවේශ වූ බවට චෝදනාවක් මෙලෙස නාසා ආයතනය විමර්ශනය කරන බව වාර්තා වෙනවා.
මේ වසර මුලදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 203 ක් අභ්‍යවකාශයේ ගත කළ නාසා ගගනගාමී මැක්ලේන්, අනන්‍යතා සොරකම් කිරීම සහ ඇගේ වෙන්වූ සහකරු හෝ සහකාරියගේ පෞද්ගලික මූල්‍ය වාර්තා අනිසි ලෙස ප්‍රවේශ කිරීම යන චෝදනා එල්ල වී ඇති බව නිව්යෝක් ටයිම්ස් වාර්තා කරනවා. එක්සත් ජනපද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකු වන මැක්ලේන්, ගවේෂණ 58/59 සඳහා පියාසැරි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කළ අතර පළමු කාන්තා අභ්‍යවකාශ ගමනටද සුදානම් වූ අතර ඇය සමර් වර්ඩන් හි බැංකු ගිණුමට පිවිසුණු බවටයි මෙලෙස චෝදනා එල්ල වන්නේ.
ඒ අනුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටියදී අනන්‍යතා සොරකම් කිරීම සහ නුසුදුසු ගිණුමකට ප්‍රවේශ වීම පිළිබද චෝදනා නිවැරදි නම් මෙය ග්‍රහලෝකයෙන් පිටත සිදු පළමු සයිබර් අපරාධය විය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.