ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 50 ත් 75 ත් අතර තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමෙන්තුව කියා සිටියා.
උතුර සහ උතුරුමැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර හෙට සිට ලබන මස 7 වනදා දක්වා දෘෂ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම මුදුන්ව පවතින බවද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.