රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 19 දෙනා ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය 6 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.