News Line| Off Air
Generic placeholder image

Aug
26

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට සටන්කාමී ජයක්

664 Views


ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් නවසීලන්තයට සටන්කාමී ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉණිමක සහ ලකුණූ 65 ක ජයක් ලබා ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේදියි.

ශ්‍රී ලංකා පළමු ඉණිම ලකුණූ 244 යි. නවසීලන්තය කඩුලු 6 කට ලකුණූ 431 ක් ලබා සිය දෙවන ඉණිම අත්හිටවුවා.

ශ්‍රී ලංකා පිල සිය දෙවන ඉණිමේදී ලකුණූ 122 කට දැවී ගියා.

එම ඉණිමේදී නිරෝෂන් දික්වැල්ල සටන්කාමී ඉණිමක් ක්‍රීඩා කරමින් ලකුණූ 51 ක් ලබා ගත්තා.

මේ අනුව දෙරට අතර තරග දෙකකින් සමන්විත තරගමාලාව කණ්ඩායම දෙකම එක් තරගය බැගින් ජයගනිමින් සම මට්ටමින් අවසන් වුණා.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර 20 යි 20 ක්‍රිකට් තරගමාලාව ලබන සෙනසුරාදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post