කථානායක කරූ ජයසූරිය මහතා සිය ධූරයෙන් සමුගන්නා බවට පල වන වාර්තා අසත්‍ය බව කාථානායක කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය අංශය සදහන් කළේ කථානායකවරයා කිසිවිටකත් එවැනි ප‍්‍රකාශයක් සිදුකර නොමැති බවයි.
පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව 2018 ඔක්තෝම්බර් මස 26 වන දින නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කතානායකවරයා සිය ධුරයෙන් ඉවත් වන බවට පුවත්පත් කිහිපයක අද පල වී තිබුණා.
මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක අද පළවී ඇති එම තොරතුරු කිසිදු පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ සදහන්.
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක‍්‍රියාමාර්ගයකට එරෙහිව ගතයුතු උපරිම ක‍්‍රියාමාර්ග ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බව ද කථානායකවරයා දැනුම් දී තිබෙනවා.