News Line| Off Air
Generic placeholder image

Aug
26

ලෝකයේ පෙනහැල්ලට ඇවිලුනු ගින්න නිවන්න ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවයි

1742 Views


ලෝකයේ පෙනහැල්ලට ඇවිලුනු ගින්න නිවන්න ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවයි

ඇමසන් වනාන්තරයේ ඇති වි තිබෙන ලැව් ගිනි තත්වය පාලනය කිරීම සඳහා ඇමරිකාවේ සුපර් ටෑන්කර් ගුවන් යානය තව දුරටත් යොදවා තිබෙනවා.

අමරිකාවේ එවර් ග‍්‍රීන් ආයතනය සතු බොයිං 747 වර්ගයේ ගුවන් යානයක් වන මෙය එංජින් හතරකින් යුක්තයි.

එක් වරකට ගුවන් යානයේ රැගෙන යා හැකි ජල ප‍්‍රමාණය ලීටර් 70 000 ක්. ගුවන් යානය නිපදවා ඇත්තේ ගින්නක් ඇති ඕනෑම ස්ථානයක පහසුවෙන් ළගාවී ගුවනින් ජලය හෙලීමට හැකිවන පරිදියි.

944 යන කේතයෙන් හඳුන්වන ගුවන් යානය හදුනා ගැනීමේ පහසුව සඳහා සුදු සහ රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.
බොලීවියාව විසින් මෙම ගුවන් යානය එවර් ග‍්‍රීන් ආයතනයෙන් කුලියට ගෙන තිබුණා.

පසුගිය 22 වනදා සිට බොලීවියාවේ ශාන්ත කෲස් ගුවන් තොටුපළේ සිට ඇමසන් වෙත සුපර් ටෑන්කර් ගුවන් යානය මගින් ජලය ගෙන ගොස් ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

සති 03 ක කාලයක සිට පවතින ලැව්ගිනි හේතුවෙන් ඇමසන් වනාන්තරයේ හෙක්ටයාර් 7 ලක්ෂ 45 000 ක ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පසුගිය බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තළ ඇමසන් වනාන්තරයේ ගිනිගැනීමේ අවස්ථා 1633ක් වාර්තා වු බවයි බ‍්‍රසීල අභ්‍යවකාශ පර්යේෂණ පිළිබඳ ජාතික ආයතනය සදහන් කළේ .

ලැව් ගිනි පාලනය සදහා ත‍්‍රිවිධ හමුදා නිලධාරින් 44 දහසක් තවදුරටත් එම කටයුතු වල නිරත වී සිටිනවා. ඇමසන් වැසි වනාන්තරය ආශ‍්‍රීත හටගත් ලැව් ගිනි මේ වන විටත් සම්පුර්ණයෙන්ම මැඩපවත්වා නැහැ.

ස්ථාන කිහිපයක පමණක් සුලූ ලැව් ගිනි තත්වයන් වාර්තා වන බවයි බ‍්‍රසීල ආපදා බලධාරීන් සදහන් කලේ. ලැව් ගින්නෙන් වනාන්තරයේ ඉතා දුර්ලබ ශාක විශාල ප‍්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි පැතිරීම ඉහළ ගොස් ඇත්තේ සියයට 83 කින් . පෘථවියට අවශ්‍ය ඔක්සිජන් වලින් සියයට 20කට වැඩි ප‍්‍රතිශතයක් ඇමසන් වනාන්තරයෙන් සපයනු ලබනවා.

භූමි ප‍්‍රමානයෙන් ඇමසන් වනාන්තරය යුරෝපය මෙන් විශාලත්වයකින් යුක්තයි. ලොකයේ පෙනහැල්ල ලෙස හදුන්වන සමස්ත ඇමසන් වනාන්තරය මේ වන විට කිසිදු පරිසර ආයතනයක් සම්පුර්ණයෙන් ගවේෂණය කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post