අයි සි සි ලෝක ටෙස්ට් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා. දෙවන් ස්ථානය නවසීලන්තයට හිමිව ඇති අතර ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.
ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත රටවල් 09 කණ්ඩායම් මෙවර ටෙස්ට් ලෝක ශුරතාවලියට සහභාගී වී සිටින අතර එම කණ්ඩායම් වසර දෙකක කාලයක් ඇතුලත සහභාගී වන ටෙස්ට් තරග සංඛ්‍යාව 72 ක්. එහිදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ 2021 වසරේදීයි.
වසර දෙකක කාලය තුළදී සෑම කණ්ඩායමක්ම තරගාවලි 06 කට ක‍්‍රීඩා කළ යුතු අතර ඉන් තරගාවලි තුනක් තම මව්බිමේදීත් අනෙක් තරගාවලි තුන වෙනත් රටකදීත් ක‍්‍රීඩා කළ යුතු බව තරග නීති රීතිවල සදහන්.
මේ අතර පිතිකරුවන් නිසි ලෙස වගකීම් ඉටු නොකිරිම නවසීන්තය සමග පැවති දෙවන තරගය පරාජය වීමට හෙතුු වූ බව ශ‍්‍රී ලංකා නායක දිමුත් කරණාරත්න පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
එමෙන්ම ශී‍්‍ර ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගයෙන් නවසීලන්තය ඉනිමක සහ ලකුණූ 65 ක ජයග‍්‍රහනයක් වාර්තා කළ අතර ඒ අනුව තරග 02 කින් සමන්්විත ටෙස්ට් තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් වුණා. දෙරට අතර තරග 03 කින් සමත්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය ලබන මස පළමුවනදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.